අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මොනිකා බ්‍රෑන්ඩ්ස් විසින් රචිත ලිපි

ලැබ්‍රඩෝ ඒන්ජල්

2019 දී කැප් ඩෑෂ්වුඞ් සහ ඔහුගේ හුරුබුහුටි කළු ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක් වන චේලා (මිය ගිය ඔහුගේ ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයා සිහිපත් වීම පිණිස “චේ” සහ “ලා” එනම් ලැබ්‍රඩෝ ඒන්ජල් සඳහා ඩෑෂ්වුඞ්ගේ කෙටි යෙදුම) කැපීි පෙනෙන දෙයක් සිදු කළේය. ඔව්හූ සෑම දිනකම අඛණ්ඩව දින 365 ක්ම කඳු මුදුනකට නැග්ගෝය.

ඩෑෂ්වුඞ්ට කියන්නට හැඟීම්බර කථාවක් තිබුණි. “නරක පවුල් ජීවිතයක්” යයි සරලව පැහැදිළි කරමින් වයස…

කථාව, විශ්වාසය, හැඟීම

ෆ්‍රෙඞ්රික් බියුච්නර් සිය ප්‍රබල මතක සටහන් වන “ටෙලිං සීක්‍රට්ස්” හි සඳහන් කළේ “කථා කරන්න එපා; විශ්වාස කරන්න එපා; හැඟීම් ඇති වෙන්න දෙන්න එපා යන්න අප ජීවත් වූ නීතියයි” යනුවෙනි. එසේම “එය බිඳ දැමූ තැනැත්තාට දුක් වේවා” කියාය. බියුච්නර් තමාගේ අත්දැකීමෙන් එය විස්තර කරන්නේ “එක් හේතුවක් හෝ වෙනත් හේතුවක් නිසා හෝ නොසන්සුන් වූ පවුල්වල ලිඛිත නීතිය” එය බවයි යනුවෙනි. ඔහුගේම පවුල…

හොටෙල් කොරෝනා

යෙරුසලමේ ඩෑන් හෝටලය 2020 දී වෙනත් නමකින් හඳුන්වනු ලැබීය : ඒ “හොටෙල් කොරෝනා” යනුවෙනි. කෝවිඩ්-19 න් සුවය ලබන රෝගීන් සඳහා රජය මෙම හෝටලය කැප කළ අතර දුෂ්කර කාලයක ප්‍රීතිය හා එකමුතුකමේ දුර්ලභ ස්ථානයක් ලෙස හෝටලය ප්‍රසිද්ධ විය. ප්‍රදේශයේ නිවැසියන්ට මේ වන විටත් වෛරසය වැළඳී ඇති බැවින් ඔවුන්ට එකට ගායනා කිරීමට, නැටීමට සහ සිනාසීමට නිදහස තිබුණි. ඔවුහු එසේ කළහ. විවිධ දේශපාලන…

නිර්භීත ප්‍රේමය

සමහර රූප කෙතරම් බලවත්ද කිවහොත් ඒවා අමතක කළ නොහැකිය. නැසීගිය වේල්සයේ ඩයනා කුමරියගේ ඡායාරූපයක් දැකීමේදී මා ලැබූ අත්දැකීම එය විය. බැලූ බැල්මට එම දර්ශනය ඒකාකාරී ලෙස පෙනේ. උණුසුම් සිනහවකින් කුමරිය නාඳුනන මනුෂ්‍යයෙක්ට අතට අත දෙන්නීය. නමුත් එය විශිෂ්ඨ එකක් කරනුයේ ඡායාරූපයේ කථාවයි.

1987 අප්‍රේල් 19 වන දින ඩයනා කුමරිය ලන්ඩන් මිඩ්ල්සෙක්ස් රෝහලට ගිය විට එක්සත් රාජධානිය ඒඩ්ස් වසංගත භීතියේ රැල්ලට…

දෙවියන්වහන්සේගේ ප්‍රතිෂ්ඨාපන මාර්ග

“ද ග්‍රේටස්ට් ෂෝමන්” නමින් හඳුන්වන සංගීත චිත්‍රපටියේ වඩාත් හැඟීම් බර ගීතයක් වන්නේ “දැන් සිට” යන්නයි. ප්‍රධාන චරිතය රඟපාන්නා ගායනා කිරීමෙන් පසු තමා පවුලේ සහ මිතුරන් තුවාල කළ මාර්ග ගැන වේදනාකාරී සිද්ධීන් සිහිකරන්නේය. නැවත නිවසට පැමිණිමේ සහ අප සතුව ඇති දේ බොහෝ සේ ප්‍රමාණවත් බව සොයා ගැනීමේ ප්‍රීතියෙන් ගායනය සමරණු ලබන්නේය.

හොෂෙයා පොත ඒ හා සමාන ස්වරයකින් අවසන් වේ. දෙවියන්වහන්සේ වෙතට…

දෙවියන්වහන්සේගේ රැකවරණය

ඉඳිකටු, කිරි, හතු, සෝපානයන්, උපත්, මී මැස්සන් සහ බ්ලෙන්ඩරයේ මීමැස්සන් යන මේමා රහස් පරීක්‍ෂක සහ “මොන්ක්” නැමැති ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන ඒඩි්‍රයන් මොන්ක් මහතාට ආරෝපණය කර ඇති භීතිකාවන්ගෙන් ඉතා සුළු කොටසක් පමණී. නමුත් දිගු කලක් තිස්සේ ඔහුගේ ප්‍රතිවාදියා වූ හැරල්ඩ් ක්‍රෙන්ෂෝ සහ ඔහු මෝටර් රථයක ඩිකියේ සිරවී සිටින බව දැනගත් විට මොන්ක් හට ඔහුගේ භීතිකාවන් ලැයිස්තුවෙන් එක් භීතිකාවක් වන…

නිවැරදි වචන

පසුගිය වසර තුළ හෝ ඊට වැඩි කාලයකදී අපගේ ඇදහිල්ලේ “වචන මාලාව” දෙස නැවත හැරී බලන ලෙස කතුවරුන් ගණනාවක් ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා ඇත. නිදසුනක් වශයෙන් එක් ලේඛකයෙක් අවධාරණය කළේ දේවධර්මානුකූලව පොහොසත් වූ ඇදහිල්ලේ වචන පවා අධික ලෙස භාවිතා කිරීම තුළින් ශුභාරංචියේ ගැඹුර හා දෙවියන්වහන්සේ සඳහා අපගේ අවශ්‍යතාවය සමග සම්බන්ධතාවය නැතිවූ විට ඒවායේ බලපෑම නැති විය හැකි බවයි. එය සිදු වූ විට, පළමු…

අපගේ නරකම අවස්ථාවක

“ඇයව ඉවසිය හැකි නමුත් මාව පෙළඹවීමට තරම් කඩවසම් නැත”. ජේන් ඔස්ටන්ගේ “අහංකාරය සහ පක්‍ෂපාතකම” යන ග්‍රන්ථයේ ඩාර්සි මහතා විිසින් කරන ලද මෙම ප්‍රකාශය එම නවකථාව සහ එය මා කෙරෙහි ඇති කළ බලපෑම නිසා මට එය කිසිදා අමතක නොවනු ඇත. මක්නිසාදයත් එම එක වැකිය කියවීමෙන් පසු මම කිසි දිනෙක ඩාර්සි මහතාට කැමති නොවන්නෙමි කියා මම තරයේ තීරණය කළ හෙයිනි.

නමුත් මම…

කුඩා නමුත් බලවත්

සමහර කාලවල් වලදී උතුරු අමෙරිකාවේ රළු සොනොරන් කාන්තාරයේ රෑ යාමයේ ඉතා සියුම්, උස් හඬක් ඇසිය හැක. නමුත් ඔබ බොහෝ විට ශබ්දයේ මූලාශ්‍රය ගැන සැක නොකරනු ඇත - කුඩා නමුත් බලවත් රෝඩන්ට් - මීයන් වැනි සත්ව වර්ගයක් (Grasshopper Mouse), භූමි ප්‍රදේශය ස්ථාපිත කිරීම සඳහා සඳට කෑගසන හඬයි.

මෙම අද්විතීය මීයන් ද මාංශභක්‍ෂක වේ (Werewolf Mouse ලෙසද හැඳින්වේ). වෙනත් සතුන් ළඟාවෙන්න අකැමැති…

සිතාගත නොහැකි පොරොන්දු

අපගේ විශාලතම අසාර්ථක අවස්ථාවන්හිදී එය අපට ප්‍රමාද වැඩි යයි විශ්වාස කිරීම පහසුය. අරමුණක් හා වටිනා ජීවිතයක් තුළ අපට ඇති අවස්ථාව අපට අහිමි වී ඇතැයි විශ්වාස කිරීමද පහසුය. නිව්යෝර්ක්හී උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයක හිටපු රැඳවියෙකු වූ එලියාස්ද සිරකරුවෙක් ලෙසට හැඟීම් විස්තර කළේ එලෙසය. “මට බිඳුණු .... පොරොන්දු තිබුණි. මගේ අනාගතය ගැන පොරොන්දුව, මම කවුරුන් විය හැකිද යන පොරොන්දුව”.

බාර්ඩ් විද්‍යාලයේ “බන්ධනාගාර මුල…